Thursday, March 28, 2013
Saturday, January 19, 2013
මරණය සහ පින්දීම
මේ ලෝකයේ ඉපදුනා වූ සියලු සත්ත්වයෝ අනිවාර්යෙන්ම මරණීය ධර්මතාවට පත්වෙති. උප්පත්තියා සහෙවෙදං මරණං ආගතං සදා යන බුදු වදන එය සනාථ කරයි. සියලු සත්වයෝ යනු මිනිසා පමණක් නොවේ. ප්‍රාණය සහිත සියලු දෙනා මෙම සත්ත්්ව කොට්ඨාසයට අයත් වේ. මිනිසා යන සත්ත්වයා මේ අතරින් ඉතා විශේෂ වේ.
එයට හේතුව දියුණු කළ හැකි මනසකින් යුක්ත වීමය. තමාගේ ඉරණම තමාටම විසඳා ගැනීමේ හැකියාව මිනිසා සතුව පවතී. එසේනම් තමා මරණින් පසුව දිව්‍ය ලෝකයට යනවාද නැතිනම් අපායට යනවාද යන්න මිනිසාට තීරණය කළ හැකිය. එය දැන ගැනීමටද හැකිවේ. එය ලොව්තුරා බුදුරදුන්ගේ ධර්මයට අනුව ධම්මාදාස ධර්ම පර්යාය ලෙස හැඳින්වේ. කැඩපත හෙවත් කණ්ණාඩිය ඉදිරියට ගොස් තමා දක්වන ඉරියව් නැවැත තමාට දැක ගැනීමට හැකිවේ.
ඒ අනුව මිනිසාට තමා ජීවත්වන ක්‍රමය අනුව බොහෝ දුරට ඊළඟ භවයේ ස්වභාවය තීරණය කර ගැනීමේ හැකියාව පවතී. එය යම් ලෙසකින් වෙනස්වුවද සම්පූර්ණව වෙනස් නොවේ. මේ නයින් බලන කල්හි ජීවිතයේ වටිනාම කොටස මෙලොවය. මේ ලෝක ජීවිතය තුළ පුද්ගලයා කරන ක්‍රියාවන් දෙලොවටම බලපානු ලබයි.
එමනිසා උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය යහපත් ලෙස ගත කිරීමට කටයුතු කළ යුතු අතර ඒ තුළින් පරලොවද සුගතිගාමි කර ගැනීමේ හැකියාව පවතී. මජ්ක්‍ධිම නිකායේ චූල පුණ්ණම සූත්‍රයට අනුව
අධම්මචරියා විසමචරියා ඛො භික්ඛවෙ කායස්සභෙදා පරම්මරණා දුග්ගති විනිපාතං නිරයං උපපජ්ක්ධති
අධාර්මික වූ විෂම චරියා හේතු කොට ගෙන පුද්ගලයා කය බිඳී මරණයට පත් වූ පසු දුගතියට නිරයට ගමන් කරන බව ඉගැන්වේ. එබැවින් ජීවත් වන කෙටි කාලය තුළ කායික වාචසික මානසික වශයෙන් සිදු කරන අය පහත් ක්‍රියා දුරුකොට යහපත් ක්‍රියාවන් සිදු කිරීමට වෑයම් කළ යුතුයි.
ලෝකයේ පහළ වූ දර්ශනවාදයන් අතර බුදුදහම මගින් පුද්ගලයාට තමාගේ විමුක්තිය තමාටම සලසා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත. මෙසේ පුද්ගලයා ජීවත්වන කාලය තුළ සිදුකරනු ලබන කර්ම ශක්තිය විඤ්ඤාණය තුළ රඳා පවතී. ඒ අනුව මරණයත් සමඟ ශරීරයෙන් ආයුෂය, විඤ්ඤාණය, උෂ්ණය යන සාධක ඉවත්ව යයි.
මෙයින් විඤ්ඤාණය හෙවත් පරිවර්තනය වන විඤ්ඤාණය ඊළඟ භවය කරා ගමන් කරයි. චුති සිත හෙවත් මරණාසන්න අවස්ථාවේ ඇති වන සිත අනුව ඊළඟ භවයේ ස්වභාවය තීරණය වේ. බොහෝ විට චුති සිතට නැෙ¼ගන්නේ ජීවිත කාලය තුළ කරන ලද හොඳ නරක කි්රයාවන්ය.
මේ පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි අතර එයට හේතුව කර්ම විෂය අචින්ත්‍ය බැවිනි. කෙසේ හෝ වේවා පුද්ගලයා ජීවත්වන කාලය තුළ කරන ලද කර්මවලට අනුරූපව විපාක ලැබීම වැළැක්විය නොහැකිය.
යම් පුද්ගලයෙකු මිය පරලොව ගිය පසු එම පුද්ගලයා සිහි කොට පින්දීමේ චාරිත්‍රයක් පවතී. මියගිය අයට පින්දීම පිළිබඳ විවිධ මත වාද පවතින අතර එහි පවතින ගැටලු තවමත් විසඳී නොමැත.
මියගිය ඤාතීන් සමග අපට ඇත්තේ කායික බැඳීමක් නොව මානසික බැඳීමකි. මනස තුළ හට ගන්නා අනුකම්පාව කරණකොට ගෙන ඥාතීන්ට පින්දීම කරනු ලබයි. මියගිය පසු ජීවත්ව සිටියදී මෙන් පින් දහම් කිරීමට නොහැකි ය. එමනිසා ජීවිතයේ වටිනාම කාලය ජීවත්වන කාලය බැව් ඉහත අවධාරණය කෙරිණ. යමකුට පින්දීමට නම් අප පළමුව පින් රැස්කර ගත යුතුය. අප ළඟ නැති දෙයක් කිසිවෙකුටවත් දීමට නොහැකිය.
එසේම ජීවත්වන අය සතුව පුණ්‍ය ශක්තියක් නොමැතිව අනුමෝදන් කළ නොහැකිය. මියගිය ඥාතීන් සුදුසු ස්ථානයක සිටීනම් පින් අනුමෝදන් වන අතර අනුමෝදන් නොවුනා කියා පින අපතේ නො යයි. පින ජීිවත් වන අයට රැස්වී හමාරය. මියගිය අය ජීවත් වන කාලය තුළ අපට කරන ලද යුතුකම් සිහිකොට කෘතවේදී හැඟීමෙන් පින් අනුමෝදන් කිරීම සිදුකරන අතර මළගිය අයට පින් දීම නිමිති කොට පින්කම් සිදු කිරීම සුජීවත්ව සිටින අය පින් රැස්කර ගැනීමට ලැබෙන මහානීය අවස්ථාවකි.
මළගිය ඤාතීන්ට පින්දීම හරහා සමාජය තුළ විවිධ මිත්‍යාමත ද ඇතිවී ඇත.ජීවත් වන කාලය තුළ ඉතා අධාර්මිකව ජීවත් වූ පාපියෙකු තමා මියගිය පසු පින් දීම තුළින් සම්පූර්ණයෙන් සුවපත් වේ යැයි සිතීම මිත්‍යාවකි.
නිදසුනක් ලෙස කෝටිපති අයෙකු විෂමාචාරි ලෙස ජීවත් වී මිය ගිය පසු පින්දීමට මුදලක් ඉතිරි කොට තබයි.
ඔහුගේ ප්රතිසන්ධිය වෙනස් කිරීමට පින් අනුමෝදන් කිරීමෙන් හැකි ද? මෙය සිතා බැලිය යුතුය. වත්මන් සමාජය දෙස බලන විට මවුපියන් ඤාතීන් නැති මිය ගිය පසු පින්දීමට කිසිවෙකු නැති කොපමණ පිරිසක් මහමඟ ජීවත් වේද? පොදුවේ පින්දීම් කලාතුරකින් දක්නට ලැබේ. එමනිසා පුද්ගලයා ජීවත්වන කාලය තුළදී දැහැමිව පින්කම් කොට ජීවත්වීම කටයුතු කළ යුතුය. එවිට පරලොව ගැන බිය විය යුතු නැත.
මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ යාදිසං වපතෙ බීජං - තදිසං හරතෙ ඵලං යන බුදු වදනට අනුව තමා වැපිරූ ලෙස අස්වැන්න ලබා ගැනීමට හැකිය. එබැවින් මියගිය අයට පින්දිය හැකිද? පින්දිය යුතුද? යන තර්ක විතර්ක වලින් දුරස්ව ජීවත්වන කෙටි කාලය තුළ සබ්බපාපස්ස අකරණං කුසළස්ස උපසම්පදා අකුසල් දහම් දුරුකොට කුසල් දහම් සිදු කරන දැහැමි දිවියකට පුද්ගලයා යොමු කිරීම ධර්මධරයන්ගේ යුතුකමකි.
( බුදුසරණ පතුයෙන් උපුටා ගැනීමකි )

Tuesday, January 15, 2013
Subscribe to:
Posts (Atom)